තවත් හස්තීන් ගැන තායිලන්තය විමසයි
තායිලන්තය මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනකු සම්බන්ධයෙන්ද එරට රජයේ අවධානය යොමුවී තිබේ.
එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට එවීමට නියමිත බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
මෙවන් පසුබිමක් තුළ මුතුරාජා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ මෙරට නායක ස්වාමීන් වහන්සේ නමක් හස්තියා යළි ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට හිමිවී වසර විසිදෙකක් මෙරට රැඳී සිටි මුතුරාජා හස්තියා පසුගිය 02 වනදා තායිලන්තයට රැගෙන යාමට එරට රජය පියවර ගත්තේය.
ඒ අසනීප තත්ත්වයෙන් පසුවූ හස්තියාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහාය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

