හිටපු පොලිස්පති යලිත් මුල්පුටුවට
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි
මේ අනුව වික්‍රමරත්න මහතා හෙට (9)හෝ අනිද්දා(10) යළි සේවයට වාර්තා කිරීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
පොලිස්පතිවරයා සිටි වික්‍රමරත්න මහතා ඉකුත් මාර්තු මස 25 වැනි දා විශ්‍රාම යෑමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාස තුනක 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දුන්නේය.
එම සේවා දිගුව ඉකුත්ජුනි මස 25 වැනිදා අවසන් විය
පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත්සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි
වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට පත්වූයේ 2020 වසරේදීය
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

