දේශීය

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගුවන් ගමන් සේවාවක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (09) රාත්‍රියේ 10.10ට පමණ පළමු ගුවන් ගමන ආරම්භ කරමින් ගුවන් යානයක් පැමිණ ඇත.

එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා, යළි රාත්‍රී 11.00ට තායිලන්තයේ දොන් මුවාන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යාමට නියමිත්ව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *