Latestදේශීය

කෲඩියා සෙලනිකා අතුරුදන්

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක්ව තිබූ කෲඩියා සෙලනිකා (Crudia zeylanica) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය කිසියම් පිරිසක් විසින් කපා ඉවත්කර තිබෙන බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මීට වසර දෙකකට පමණ පෙර මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වූයේ එම ශාකය වඳ වී යාමේ තර්ජනයකට ලක්ව ඇති ශාකයක් බවට පවසමින්.

ඒ අනුව එම ගස කපා ඉවත් කිරීමට පරිසරවේදීන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

ගම්පහ – දාරලුවේ පිහිටි කෲඩියා සෙලනිකා ශාකය එම ස්ථානයේම තිබියදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ නම් අමතර වියදමක් ලෙස රුපියල් බිලියන 08ක් පමණ වැය වන බව එකල වාර්තා වුනා.

මේ වන විට වාර්තා වන්නේ ඊයේ(11) පස්වරුවේ මෙම ශාකය කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍ර උපයෝගි කර ගනිමින් ගලවා ඉවත් කර තිබෙන බවයි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ අදාළ පිරිස විසින් එය හොර රහසේ රැගෙන යාමටද කටයුතු කර තිබූ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *