Latestදේශීය

බැරි අය යන්න, අපි විදෙස් ගුවන් නියමුවන් ගන්නවා – නිමල් සිරිපාල

ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් හෝ ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේදී ආයතනයේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ ලබාදෙන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේකොවිඩ් අර්බුදය නිසා සමස්ත ලෝකයේම ගුවන් සේවාවන් අඩාල වූ නිසා ගුවන් යානා බොහෝමයක් බිම නවතා තැබීමට සිදුවූ බවයි .

කොවිඩ් අර්බුධයේ  ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙකුට රැකී රක්ෂා අහිමි උවද  ශ්‍රී ලංකා ගුවන් සේවයේ  නියුතු ගුවන් නියමුවන්ට 50%ක පඩි ලබාදෙමින් රඳවගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

ගුවන් සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණය හා ගුවන් නියමුවන් ඉවත් වීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

තවමත් ගුවන් නියමුවන් 260ක පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී ඉන්නවා. ඔවුන් ඩුබායි හෝ සිංගප්පූරුවට ගියොත් විශාල වැටුපකට හිමිකම් කියයි. නමුත් ඒ රටවල ජීවන වියදම ඉහළයි. ඒ ගැනත් සංසන්දනය කරන්න. එවැනි සාධකත් බලපානු ලබනවා. අපි නව ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවා. නමුත් ඇතැම් පිරිසකට මෙරට රැඳී සිටීමට අවශ්‍යයි. නමුත් ඔවුන් ඉවත් වුණොත් නව නියමුවන් විදේශ රටවලින් හෝ බඳවාගෙන ගුවන් සමාගම ඉදිරියටත් පවත්වාගෙන යනවා”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *