ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්
ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) නුගේගොඩදී ආරම්භ කරන ලදී.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කර ඇත.
2011 වසරේදී රජයේ පාලනය යටතට පත්වූ ලංකා සීනි සමාගම වසර 11 කට පසුව මෙලෙස තම අළෙවි ජාලය ආරම්භ කිරීම විශේෂත්වයයි.
මෙහිදී අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා, පසුගිය කාලයේ පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා අයත් ලංකා සීනි සමාගම වසා දමා පෞද්ගලික අංශය වෙත විකිණීමේ සැලසුමක් පවතින බවට අසත්‍ය ප්‍රචාර රැසක් ක්‍රියාත්මක වූ බවත් එම අසත්‍ය ප්‍රකාශ සඳහා නිවැරදිම පිළිතුර නිවැරදි වේලාවේදී ලබාදෙමින් ලංකා සීනි සමාගම වසර 14 කට පසුව තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කරමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම පිළිබඳව ලංකා සීනි සමාගමේ කාර්ය මණ්ඩලයට හා සියළු උක් ගොවියන්ට තම කෘතඥතාවය පළ කරන බව පැවසීය.
මෙලෙස ස්ථාවර ගමන් මඟකට අවතීර්ණ වී සිටින ලංකා සීනි සමාගම, ජනවාරි 1 දා සිට ව්‍යවස්ථාපිත ගෙවීම්වලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.
අද දින මෙලෙස ආරම්භකරණ ලද ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවි ජාලය තුළින් පාරිභෝගිකයන්ට තත්වයෙන් උසස් දේශීයව නිෂ්පාදිත දුඹුරු සිනි අඩුමිලට ලබාදීමට හැකියාව ලැබෙන අතර උක් ගොවි පවුල් දෙලක්ෂ පනස්දහසක් ශක්තිමත් කිරීමද අවස්ථාව උදාවෙයි. නුගේගොඩ නාවල පාරේ පිහිටි දුඹුරු සීනි තොග හා සිල්ලර අලෙවි සැල මගින් උක් බීම, හකුරු, උක්පැණි ආදී ලෙස විවිධාංගිකරණය කරන ලද නිෂ්පාදන පෙළක්ද පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සීනි සමාගම සැලසුම් කර ඇත.
මෙම අළෙවි ජාලය ආරම්භකිරීමේ අවස්ථාවට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය R.M. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය දේශපාලන අධිකාරීයේ නියෝජිතයින්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා සීනි සමාගමේ සභාපතිනි සඳමාලි චන්ද්‍රෙස්කර අතුළු ලංකා සීනි සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

