Latestදේශීය

රනිල් වැඩ්ඩෙක් කිවුවට අදටත් කන්නේ බැසිල් ගෙනාපු සල්ලිවලින් – රංජිත් බන්ඩාර

අද ශ්‍රී ලංකාව වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ගෙන එන ලද ඩොලර් බිලියන පහක මුදල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඇතැමුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය ද සත්‍ය කතාව එය බව ද ඔහු පැවසීය.

සියලුම ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ මහතා විසඳා ඇතැයි බොහෝ දෙනෙක් සිතුවද අද අප සිටින්නේ විශාල අභියෝගයක් ඉදිරියට යයිද ඔහු පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන ලද්දේ කුමන්ත්‍රණකරුවන්ගෙන් රාජ්‍ය බේරා ගැනීමට පමණක් බවද පැවසූ ඔහු ඉන් එපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගිවිසුමක් නැති බවද කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *