රනිල්ගේ සර්ව පාක්ෂික සමුළුවට ජවිපෙ නැහැ
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.
අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.
ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හදුන්නේතිති මහතා පවසයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

