ඉරානයට නිවාඩු
රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි.
වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු යැයි ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, ඉරාන රජය අද (2) සහ හෙට (3) දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
ඉරාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇති අන්දමට එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් තිබේ.
දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇතැයි ඉරාන රජයේ ප්‍රකාශක අලී බහධූරි ජරෝමි පවසා ඇත.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

