Latestදේශීය

වාහන හෝදන්න එපා – පැලවලට වතුර දාන්න එපා

අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජල මූලාශ්‍ර වන ජල ධාරිතාවන් ක්‍රමයෙන් අඩුවෙමින් යන බැවිනි පානීය ජලය බෙදා හැරීමේදී ගැටලුවක් ඇති නොවීම සඳහා වාරිමාර්ග අංශ සමග සාකච්ඡා කර ජලය සම්පාදනය කරගෙන බෙදාහැරිමේ කටයුතු සිදුකරන බවද මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් මණ්ඩලයෙන් සපයන පානීය ජලය වාහන සේදීම, මල් ඇතුළු පැල වර්ගවලට යෙදීමට භාවිතා නොකරන ලෙසද පාරිභෝගිකයන් ඉල්ලා සිටින බව මණ්ඩලය සඳහන් කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *