රොඩ්නිගෙන් සජබය පුපුරන කතාවක්
තමන් සමගි ජන බලවේග දේශපාලනයෙන් ඉවත් වන බවට එම පක්ෂය මහරගම සම සංවිධායක රංගන ශිල්පී රොඩ්නි ප්‍රෙෂර් මහතා සඳහන් කර තිබේ.
මහරගමදී පැවති රැස්වීමකදී ඒ මහතා පවසා ඇත්තේ තම පවුලේ සාමාජිකයන් තමනට දේශපාලනයෙන් ඉවත් වන්නැයි ඉල්ලා සිටින බවයි.
එමෙන්ම තමන්ගේ සේවය පක්ෂයට අවශ්‍ය නොවේ නම් තමන්ද පක්ෂයෙන් ඉවත් කරන්නැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් ඉල්ලා සිටින බවද කී ඔහු සමගි ජන බලවේගය සාමාජිකයකු ලෙස මෙය තම අවසාන කතාව විය හැකි බවද සඳහන් කළේය.
තම පෞද්ගලික මුදල් සමගි ජන බලවේග නායකයාගේ ප්රචාරක කටයුතු සඳහා වියදම් කර ඇති බවත් තම පෞද්ගලික දේපළ පවා විකුණා ඇති බවත් ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

