ගොවීන් ගොන් ආතල් ගත් පිරිසක් ද ?
වගාව රැක ගැනම සඳහ ජලය ඉල්ලා සත්යග්රහ කළ ගොවි ජනතාව “ගොන් ආතල් ගන්නා” පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු පවසයි.
ඔහු ඊයේ (07) මාධ්‍යයට ගොවීන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් පවසා තිබුණේ “පාරට බැහැල ගොන් ආතල් ගන්න එපා” යනුවෙනි.

ඔහු මෙම ප්‍රකාශය කර තිබෙන්නේ අද වනවිට තම කුඹුරු සඳහා ජලය මුදාහරින ලෙස අඛණ්ඩව දින 15ක් සත්‍යග්‍රහයේ යෙදී සිටින සහ ජලය ඉල්ලා උද්ඝෝෂණය කරන ගොවිජනතාව සම්බන්ධයෙනි.
ගෝටාභය රාජපක්ෂගේ අත්තනෝමතික රසායනික පොහොර තහනමෙන් පසුව තම වගා කටයුතු යම් ප්‍රමාණයකට ස්ථාවර කර ගනිමින් සිටි ගොවීන් හට අවශ්‍ය ජලය ලබාදෙන ලෙස මෙයට මාසයකට පමණ පෙර සිට සිදුකළ විවිධ ඉල්ලීම් සහ උද්ඝෝෂණ නවත්වා අවසානයේ උඩවලව ගොවීහු අඛණ්ඩ සත්යග්රහයක්ද පවත්වනු ලැබූහ.
මේ දක්වා එම ගොවීන්ගේ ඉල්ලීම් නොඇසූ කව සිටි කැබිනට් මණ්ඩලය ගෙන තිබෙන ගොවිතැනට ජලය මුදාහැරීමේ තීරණයෙන් පසුව මැති ඇමතිවරු මෙලෙස කටමැද දෙඩවීමට පටන්ගෙන තිබේ.
@Lankatruth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

