Latestදේශීය

මැතිවරණය ගැන අහපු ගමන් රනිල් කුලප්පු වුනා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා මහජන මතයට ඉඩ ලබාදීමෙන් පසුව එම සංශෝධනය යටතේ පවතින ගැටලු සාකච්ඡා කළ හැකි බව ද්‍රවිධ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම. ඒ. සුමන්දිරන් පෙන්වාදුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුලප්පු වූ බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හකීම් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය කළේ අද (08) උදේ සිරස පැතිකඩ වැඩ සටහනට එක් වෙමිනි. පසුගිය ජූලි 26 වෙනිදා ජනාධිපති විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළු සාකච්ඡාව යනුවෙන් ආණ්ඩුව නම්කළ සාකච්ඡාවේදී ඇති වූ තත්වයන් පිළිබඳව කරුණු දක්වමින් හකීම් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් ඔහු සඳහන් කළේ ජනාධිපතිතුමා අවංක නම් පළාත් සභා පනතේ සුළු සංශෝධනයක් සිදුකර එම මැතිවරණය පැවැත්විය හැකි බව ය. මුස්ලිම් ජනතාවට බලය බෙදා හැරීම පිළිබඳව ගැටළුවලට වඩා රාජ්‍ය පරිපාලනයේදී මුස්ලිම් දිස්ත්‍රික් ලේකම්වරයෙකු හෝ පත් කිරීමට නොහැකිවීම පිළිබඳව බරපතළ ගැටළු පවතින්නේ යැයි හකීම් මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *