අත්අඩංගුවට ගත් අන්තරේ පිරිසට ඇප
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කොළඹ පැවති විරෝධතා පා ගමන අතරතුර අත්අඩංගුවට ගත් සිසුන් පිරිස ඇප මත මුදාහැර තිබේ.
ඒ ඔවුන් අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
රුපියල් 25000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරිමටත් ලබන 14 වැනිදා නැවත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර ඇති ඇත.
ඊයේ පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමන විසුරුවා හැරිමට ස්ථාන 02 කදී පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ අවස්ථාවේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

