Latestදේශීය

සීනි බදු වංචාවට අදාල වාර්ථාව නොවැම්බරයේ

ආදායම් බදු අය කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ අදාළ වාර්තාවක් ලබන නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

සීනි බදු වංචාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය පවතින නීතිමය වපසරිය තුළ උපරිම මැදිහත්වීමක් සිදු කළ බවත් සිද්ධියට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ නිලධාරීන් සමග දීර්ඝ කරුණු සොයා බැලීමකින් පසුව බදු අය කර ගැනීම පිළිබඳ වාර්තාවක් කැඳවා තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ පවතින නීතිය යටතේ වංචාවට අදාළ සමාගම් මගින් ලබා ගත් අධික ලාභයට අදාළ ආදායම් බදු අය කර ගැනීම පමණක් සිදු කළ හැකි බවයි.

ඒ අනුව ඊට අදාළ පැහැදිලි කිරීම තමා පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ බව සඳහන් කළ අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව 2022/11/09 දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර ඇති බව සදහන් කරයි.

එම බදු මුදල් අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *