Latestදේශීය

රනිල් ජනාධිපති සජිත් අගමැති

ඉදිරි ජනාධිපතිවරණය කැඳවීමට පෙර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර වෙනම සංධානයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත් මෙම පිරිස බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග තීරණාත්මක සාකච්ඡාවක් සිදු කර නැති අතර ඒ සඳහා පාක්ෂිකයන් හරහා බලපෑම් කිරීමට සූදානම් වෙමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස ද මෙම නව දේශපාලන සන්ධානය සමග එක් කර ගැනීමේ සූදානමක් ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *