Latestදේශීය

අධික උණුසුම් නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ප්‍රදේශ කිහිපයකට අද (22)  පවතින උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ දැනුවත් කරමින් නිවේදනයක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බවයි.

මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *