Latestදේශීය

පරිපූරක වෛද්‍ය වැඩවර්ජනය අද උදෑසන අවසන්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද(25) පෙරවරු 8.00 ට අවසන් කර තිබේ.

බඳවා ගැනීමේ පටිපාටිය වහා අනුමත කිරීම, වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය ඊයේ (24) ආරම්භ විය.

තම ගැටලු සම්බන්ධයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා විසදූම් ලබාදීමට සතියක කාලයක් ලබාදෙන බවත් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු චානක ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

මෙම වර්ජනය සඳහා විකිරණ තාක්ෂණවේදීන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තීකයන්, ඖෂධවේදීන් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති 5 ක් එක්ව සහය දක්වා තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *