Latestදේශීය

රනිල් බැසිල් ගැටුම මැද?

පොහොට්ටු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඡන්දයෙන් ජනාධිපතිවීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පොහොට්ටු පක්ෂය ගිල ගැනීමට ක්‍රියා කිරීම නිසා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලෙන් පළමු ප්‍රතිචාරය මේ වනවිට ලබා දී තිබේ.

එය සිදුකර තිබෙන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් බැසිල් රාජපක්ෂගේ සමීපතමයින් තිදෙනෙකු ඉවත් කර ගැනීමෙන් ය. මෙම ඉවත්වීම පිළිබඳව කතානායක මහින්දච යාපා අබේවර්ධන ඊයේ (05) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබිණි. මහාචාර්ය රංජිත් බණ්ඩාර, ධම්මික පෙරේරා සහ එස්. බී. දිසානායක එම කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ තිදෙනා ය.

ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවලට මේ වනවිට රනිල් වික්‍රමසිංහ සමඟ අතිශය සමීපව ක්‍රියාකරන නිමල් ලන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ මංජුලා දිසානායක යන මන්ත්‍රීවරුන් තිදෙනා පත්කරනු ලැබ සිටිති. ඊට අමතරව මේජර් ප්‍රදීප් උඳුගොඩ “විවෘත සහ වගකියයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ” සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. එම පුරප්පාඩුව පිරවීම සඳහා සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පත්කර සිටී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *