Latestදේශීය

රනිල්ගේ හැසිරීම ලැජ්ජාසහගතයි – මැල්කම් කාදිනල් රංජිත්

චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ කමිටු සේම නිෂ්ඵල ක්‍රියාවක් බව අගරදරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ප්‍රහාරය සඳහා වගකිව යුතු පාර්ශව ඉහළ තනතුරුවල සිටියදී ස්වාධීන විමර්ශන කරන්නේ කෙසේදැයි අගරදගුරු හිමියන් ප්‍රශ්න කළේය.

අගරදගුරු හිමියන් මේ බව පැවසුවේ කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජාවට එක්වෙමිනි.

“එදා පාස්කු බෝම්බ ප්‍රහාරයට හසු වූ 273 දෙනා වෙනුවෙන් මා මේ දේ කිවයුතුමයි. දැන් මේ රටේ නායකයා තීරණය කරලා තියෙනවාලු මේ සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත්කරලා චැනල් 4 නාළිකාව පෙන්නපු වැඩසටහනේ ඇති කරුණු විග්‍රහ කරන්න. මම අහන්න කැමතියි අපේ රටේ නායකයාගෙන්, එදා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා මේ නායකයාම තමයි ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත්කළේ.”

“ඒ තේරීම්කාරක සභාවේ වාර්තාවේ 134 වෙනි පිටුවේ සඳහන් කරලා තියෙනවා මෙන්ම මේ පොලීසියේ උසස් නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධව ඉතාමත් බරපතළ වගකීමක් දරන කෙනෙක් කියලා. ඒ නිසා ඔහුව නීතිය හමුවට පැමිණවිය යුතුයි කියලා අද වෙනතුරු මොකක්ද වෙලා තියෙන්නේ. ඒ උසස් නිලධාරියා තාමත් පොලීසියේ එම තනතුරටත් වඩා උසස් තනතුරක් දරමින් ජීවත්වෙනවා. තවත් කමිටු පත් කිරීමේ තේරුම කුමක්ද? මේවා ඇස්බැන්දුම් – නායකයින්ගේ හැසිරීම ලැජ්ජා සහගතයි.”

කළුතර ශාන්ත මරියා දේවස්ථානයේ 125වන ජුබිලි සැමරුම (17) පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

උදෑසන දේව මෙහෙය සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගුරු හිමිපාණන් විසිනි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *