Latestදේශීය

ගෑස් මිළට මොකද වෙන්නේ? තීරණය අද

‍මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේය.

ඒ අනුව රුපියල් 2,982ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමූ  අතර එහි නව මිල වූයේ රුපියල් 1,256කි.

මේ අතර විදුලි බිල යළි යළිත් වැඩි නොකරන බව පැවසු විෂයභාර අමාත්‍යවරයා විදුලි බිල වැඩි කරමින් සිදුකරන මෙම ක්‍රියාවලිය මඟින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *