පොලිස්පති පුටුව ආයෙත් හිස්
සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ.
ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු රැසකට මුහුණ දී සිටී.
සීඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේ දැනට මාස හයකට පෙරයි.
නමුත් ඔහුට සේවා දිගු දෙකක් හරහා මේ දක්වා එම ධුරයේ කටයුතු කරනු ලැබීය.
ඊයේ දිනයේ ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වූ පසු මෙතෙක් තවත් සේවා දිගුවක් ලබා දීමක් හෝ නව පොලිස්පති වරයකු පත්කර නැත.
මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු කරගෙන යාමේදී ගැටලුකාරී තත්වයන්ට මුහුණ දෙමින් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් නව පොලිස්පති ධුරය සඳහා නමක් හෝ ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් වී නොමැත.
ජේෂ්ඨත්වය අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුක් තිදෙනකු නම් පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලබා සිටිති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

