ගාල්ල සහ මාතර පාසල් අද යළි ආරම්භ වෙයි
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද (11) යළි ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසා සිටියි.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්කයේ සියලුම පාසල් දින දෙකක් වසා දැමීමට කටයුතු කර තිබුණා.
ගංවතුර හේතුවෙන් හානියට පත් පාසල්වල තත්ත්වය පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම විදුහල්පතිවරුන්ට පැවරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

