ගාසා අමානුෂික ඝාතන නවත්වන්න – සටන් විරාම යෝජනාව සම්මතයි
ගාසා තීරය ඇතුළු මැද පෙරදිග කලාපයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්මත වී තිබේ.
මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුර දී ඉදිරිපත් වූ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 120 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබේ.
එහිදී රටවල් 45ක් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී ඇත.
ශ‍්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇත.
ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් රටවල් අතර වෙයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

