Latestදේශීය

රාජ්‍ය සේවක වැටුප් සත පහකින්වත් වැඩිකරන්නේ නැහැ

දැනටත් ඉතා අපහසුවෙන් ගෙවා දමමින් සිටින රාජ්‍ය සේවක වැටුපට තවත් මුදලක් එකතු කරන්නේ කෙසේදැයි උද්ඝෝෂණ ව්‍යාපාර වලට නිරත වන පිරිස් පෙන්වා දිය යුතු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ඇති වූ දැවැන්ත ආර්ථික කඩාවැටීම හමුවේ අර්බුද රැසකට මුහුණ දීමට සිදු වූ බවත් මේ වන විට ක්‍රමානුකූලව යහපත් තත්ත්වයක් ගොඩ නැගෙමින් පවතින බවත් ඔහු පැවසීය.

නමුත් ණය ප‍්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු නැවත ණය ලබා ගැනීමේ හැකියාවක් රටට නැති බවද කවුරුන් බලයට පැමිණියත් මෙම ආර්ථික ගැටළුවට නිවැරදි විසඳුමක් සොයා ගත යුතු බවත් හෙතෙම කියා සිටී.

පසුගිය වසරේ මුළු බදු ආදායමෙන් 72%ක් රාජ්‍ය සේවා වැටුප් සහ විශ්‍රාමි වැටුප් ගෙවීමට වැය වී ඇති බවද පැවසූ සමෘද්ධි ඇතුළු අනෙකුත් සහනාධාර සඳහා ද බිලියන පන්සියයක් වැය කළ විට භාණ්ඩාගාරයට ලැබෙන බදු ආදායම සතයක් වත් ඉතුරු නොවන බවද පැවසීය.

එවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කෙසේදැයි උද්ඝෝෂකයන් පෙන්වා දිය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැස්බෑව ප්‍රදේශයේ දී පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *