බාල ඉන්ධන රටපුරා බෙදාහරිනවා – සජිත් ප්‍රේමදාස
ප්‍රමිතියෙන් තොර බාල ඩීසල් මෙට්රික් ටොන් 40,000 ක තොගයක් වෙළදපොලට නිකුත් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පසුගිය 05 වැනිදා සිංගප්පූරුවේ සිට කොළඹට පැමිණි ඩීසල් මෙට්රික් ටොන් 40,000ක තොගයක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව ද ඔහු පැවසීය.
නමුත් එම තොගය කොලොන්නාව පර්යන්තයෙන් සිට බෙදා හරිමින් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුව අමතමින් අද කියා සිටියේය.
ඩීසල් තොගයේ සාම්පල රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් ප්‍රමිතියෙන් බාල බවද හෙළි වී ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.
කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඩීසල් සාම්පල පරීක්ෂා කරමින් පවතින බවත් වෙළඳපොළට නිකුත් කිරීමක් සිදු කර නැති බවත් ය.
සිදු කරන තත්ව පරීක්ෂණ වලින් අසමත් වුවහොත් ඉන්ධන තොගය ප්‍රතික්ෂේප කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

