Latestදේශීය

වාහන ගෙන්වීම අත්හිටුවයි

පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියයි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇත.

වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *