Latestදේශීයවිදේශීය

ශ‍්‍රී ලංකාවට කන්න නෑ.. ඔවුනට කෑම එවන්න..- UN ලෝකයේ සියළු රටවලින් ඉල්ලයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආහාර සහ ඖෂධ ලබාදීම සඳහා වන ගෝලීය ඉල්ලීමක් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටියි.

එම ඉල්ලීම සිදු කරන්නේ ශ්‍රී ලංකා රජය වෙතින් ඉදිරිපත් වූ ඉල්ලීමකට අනුවයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හරහා කරුණු තහවුරු කරගෙන මේ බව කියා සිටියි.

ඒ අනුව ජූනි මස 8 වැනිදා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිල වශයෙන් මේ සඳහා වන ගෝලීය ඉල්ලීම සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මෙරට සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් හමුවී මෙරට ඇති වීමට නියමිත ආහාර අර්බුදයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *