Latestදේශීය

පිස්කල් ගුවන්තොටුපොලට එර්දියෙන් යන රටක් මේක – විමල් වීරවංශ

චීනය කළින්ම තරහා කරගත් මේ ආන්ඩුව කොළඹ වානිජ මහඅධිකරණයෙන් කර ඇති අධිකරණමය මැදිහත් විමක් හරහා රුසියාවත් තරහා කර ගැනිමේ ඉමකට මේ රට ඇදගෙන ගොස් ඇති බව විමල් වීරවංශ මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ වන විට රටේ ආර්ථික අර්බුධයක් නිර්මාණය වී ඇති වටපිටාවක එම අර්බුධයෙන් ගොඩ එම සදහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සදහා නිෂ්චිත වැඩපිළිවෙලක් හරහා ක්‍රියාත්මක නොවන වත්මන් ආන්ඩුව ජාත්‍යන්තර වශයෙන් අපට ඇති මිතුරන් ද සතුරන් කර ගන්නා වැඩපිළිවෙලක් දියත් කරමින් ඇති බව ද ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා,

ඩොලර් 110ට ගන්නා තෙල් බැරලය ඩොලර් 30ට නැතිනම් 70ට ගන්න පුළුවන් රටක් රුසියාව කියන්නේ. රසායනික පොහොර අර්බුධයට උත්තර ගන්න පුළුවන් රටක් රුසියාව කියන්නේ. අපි මුහුණ දීලා ඉන්න ඩොලර් අර්බුධය, ඒ ඩොලර් අර්බුධයට විසදුම් ලෙස සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන් රටක් රුසියාව කියන්නේ. එ වගේම අපේ තේ වෙළදාමෙන් ලෝකයේ දෙවෙනියාට ඉන්නේ රුසියාව. සෝවියට් සංගමය පැවති කාලයේ ඉදලාම ශ්‍රී ලංකාවට දීලා තියෙන්නේ උදව් මිසක් කරදර නෙමෙයි. එහෙව් රටක ගුවන් සේවය නතර කරාම රක්ෂණ ගාස්තු පිළිබද ප්‍රශ්ණයක් නිසා, ශ්‍රී ලංකාව කියනවා ඔබගේ ගුවන් සේවය මෙරටට එවන්න. අපි වගකියනවා කිසිම ප්‍රශ්ණයක් ඇත්වෙන්න දෙන්නේ නැහැ කියලා. සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා එ රුසියානු ගුවන් සේවයට ඒ ලිඛිත සහතියක දෙනවා. ඒ ලිඛිත සහතිකයෙන් පස්සේ තමයි, මේ ගුවන් ගමන් නැවත ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තමයි සිය ගණනින් රුසියානු සංචාරකයින් නැවත මේ රටට එන්නේ. ඒ රුසියානු සංචාරකියන්වත් මේ රටට ආවේ නැත්නම් මේ ආපු විදේශ විනිමයවත් ලංකාවට එන්නේ නැහැ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?