Latestදේශීය

වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරෙන් ඉවත් කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර එම තනතුරෙන් ඉවත් කර තිබේ.

වෛද්‍ය විජිත් ගුණසේකර ඉවත් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව බවත් මේ වනවිට ඔහු සෞඛ්‍ය අමාත්‍යංශ සේවයට කැඳවූ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රි චන්ද්‍රගුප්ත සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ප්‍රධාන විධයක නිලධාරියා ඇතුළු පාර්ශවයට පසුගිය කාලයේ දැඩි චෝදනා එල්ල විය.

ඒ අනුව එහි සභාපති පසුගියදා ඉවත් කළ අතර එහි නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර ආයතනයේ සංවේදී තොරතුරු ඇතුළත් ලියකියවිලි රැසක් විනාශ කළ බවට සෞඛ්‍ය වෘත්තිය සමිති චෝදනා එල්ල කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *