Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් පරාජයේ කුමන්ත්‍රණය දින දෙකකින් හෙළිකරනවා – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද (10) දිවයිනට පැමිණි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ තරග පරාජයට හේතුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළේය.

ඔහු එහිදී සඳහන් කළේ තරග පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් බවය.

ඊට අදාළ සියලු තොරතුරු දින 02කින් හෙළිකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග රැසක් ඉතා දුර්වල ආකාරයෙන් ක්‍රීඩා කළ අතර එහිදී අමිහිරි පරාජයන් රැසක් උරුම කරගෙන තිබුණි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *