බඹරගස්කන්ද මියගිය සිව්දෙනා මිහිදන් කෙරේ
(ඩබ්ලිව් ජේ මුණසිංහ)
බළංගොඩ බඹරගස්කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ ගවරන්හේන වැහින්තැන්න ගමේ පදිංචිව සිටි එකම පවුලේ සිව්දෙනාගේ මෘතදේහ අවසන් කටයුතු ඕපනායක ඉඹුල්තැන්න පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝසුසුම් මැද ඊයේ (15) සවස මිහිදන් කෙරිණි.

බළංගොඩ බඹරගල කන්ද නාය යැමෙන් ඉකුත් 12 දා පස්වරුවේ වැහින්තැන්න ගමේ නිවාස හතරකට හානි සිදු සිදුවිය.
ඉන් එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර එම නිවසේ පදිංචිව සිටි පියා,මව, සහ දියණියන් දෙදෙනාද ජීවිතක්ෂයට පත් වූහ.
යුද හමුදා, පොලිස් සහ ආපදා සහන කණ්ඩායම් එක්ව ප්‍රදේශවාසීන් ගේද සහයෝගය ඇතිව දෙදිනක් පුරා එම භූමියේ සිදු කළ සෝදිසි කිරීම් අනුව මෘත දේහ හතර එකම පොකුරට තිබී 14 දා සවස සොයා ගැනිණ.
මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ ඕපනායක උඩවෙල හොරන්කඳුර වැහින්තැන්න , ලිපිනයේ පදිංචිව සිටි හතළිස් හතර හැවිරිදි එච්.චමින්ද පුෂ්ප කුමාර,(පියා) හතළිස් හැවිරිදි ඊ.කේ.ඩී.සිරියලතා (මව) සහ ඔවුන්ගේ දියණියන් වන හුණුවල ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි විමංසා ඉසුරි ධනංජනා, සහ ටෂාරා නවෝදි යන සිසුවියන් දෙදෙනාය.
අගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මළ හිරු බැස ගිය සන්ධ්‍යා ඥාතීන්,යාළු යෙහෙළියන්, අසල්වාසීන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද මව,පියා සහ දරුවන් දෙදෙනා එකම වළක හිමිදන් කෙරිණි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

