Latestදේශීය

රටේ ආර්ථිකය කඩාවැටීමට අපි වගකිවයුතු නැහැ – මහින්ද රාජපක්ෂ

තමන්ද ඇතුළු හත්දෙනෙකු මෙරට ආර්ථිකය කඩාවැටීමට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළි නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වග උත්තර බැඳීමට අවස්ථාවක් ලැබුණොත් ඊට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දළදා මාලිගාවට වැදපුදා ගැනීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය ඉතා ඉහළින් පැවැත්වීමට මේ දිනවල සූදානමින් සිටින බවද පැවසූ ඔහු ඊට අදාළ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදුකරමින් සිටින බවද කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *