Latestදේශීය

නිශාන් ද මැල් ට අභියෝග කරන නනන්දලාල් වීරසිංහ

වෙරිටේ රිශච් ආයතනයේ අධ්‍යක්ෂ නිශාන් ද මැල් අවබෝධයක් නැතිව පුරෝකථනය කළාද නැතිනම් හිතාමතාම ජනතාව නොමැග යැවීමට පුරෝකථනයක් කළාදැයි ප්‍රශ්නයක් මතු වී තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නනන්දලාල් වීරසිංහ සැක මතු කර තිබේ.

මහ බැංකු අධිපති මෙම සැකය මතු කර තිබෙන්නේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිණි. මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ සේවක අර්ථසාදක අරමුදලට ලබාදෙන පොලිය 9.1% දක්වා කප්පාදු කිරීමෙන් 2038 වනවිට එම අරමුදලට ට්‍රිලියන 12ක් අහිමිවන බව ආචාර්ය නිශාන් ද මැල් කළ ප්‍රරෝකථනය සත්‍යයක් දැයි විමසීමට පිළිතුරු ලබාදෙමිණි.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ අර්ථසාදක අරමුදලෙන් රජයට ලබාදී ඇති ණය වෙනුවෙන් මේ වනවිට 11.5%ක පොලියක් ගෙවන බවය. එහෙත් ආචාර්ය නිශාන් ද මැල් කරුණු ඉදිරිපත් කර තිබුනේ මෙම වසරේ මැයි 31 වෙනිදාගෙන් අවසන් වූ මාස 05 තුළදී අර්ථසාදක අරමුදලෙන් රජයට ලබාදී ඇති ණය වෙනුවෙන් 13.52% සාමාන්‍ය පොලී අනුපාතිකයක් ලබා දී ඇති බවය.;

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළ 11.5% පොලී අනුපාතකය ලබාදෙන්නේ නම් භාණ්ඩාගාර බිල්පත් සඳහා පසුගිය කාලයේ 30% ඉක්මවූ පොලියක් ගෙවූ අවස්ථාවල පවා අර්ථසාදක අරමුදලට විශාල හානියක් කර ඇති බව මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයෙන් තහුවරු වේ.

@ Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *