මගී බස් රථයක් තාප්පයක ගැටේ
November 17, 2023 06:43 am
දෙණියායේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් අද (17) අලුයම වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක් වී තිබේ.
විදුලි කණුවක් සහ දුරකථන කණුවක් කඩාගෙන අසල නිවාස දෙකක තාප්පයකට සහ ගේට්ටුවකට මුළුමනින්ම හානි සිදු වී ඇති අතර බස් රථයේ පාපුවරුවේ ගමන්ගත් කොන්දොස්තරවරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි.
අද අලුයම 3.40 ට පමණ අනතුර සිදුවී ඇත. අනතුරෙන් බස් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

