කෝප් කමිටුවේදී රංජිත් බන්ඩාර වෙනුවෙන් දයාසිරි, අනුර කුමාර මට තර්ජනය කළා – හේෂා විතානගේ
ක්රිකට් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කල කෝප් කමිටු රැස්වීමේදී තමනට පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර හා ජවිපෙ නායක අනුර දිසානායක මහතා තර්ජනය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පවසයි.
කෝප් කමිටුව දූෂිත යැයි ප්රකාශ කරන්නේ කෙසේද විමසමින් ඔවුන් එහිදී තමන්ට දැඩි දෙස විවේචන එල්ල කරමින් මෙසේ තර්ජනය කළේ ද ඔහු කියා සිටියි.
තමන් කෝප් කමිටුව දූෂිත යයි චෝදනා කළේ අදාළ තොරතුරු සහිතව බවත් අවම සදාචාරය මත එම තොරතුරු හෙළි නොකරන බවද තමන් එහිදී පැවසූ බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් එම සිදුවීම සිදු වූ දිනම හවස්වරුවම රංජිත් බණ්ඩාර කෝප් කමිටු සභාපති වරයා පක්ෂග්රාහී බව තහවුරු වූ බවත් ඒ අනුව එදා අනුර දිසානායක හා දයාසිරි ජයසේකර මහතා කටයුතු කළේය රංජිත් බණ්ඩාර ආරක්ෂා කිරීමට දැයි ගැටලුවක් ඇති බවද කියා සිටියේය.
ඔහු මේ අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

