Latestදේශීය

ෂාෆ්ටර් ඝාතනය ගැන පවුලේ අය ගැන සැකයක් – පරීක්ෂණ දිගටම

අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් සාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයෙක් ගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ පිළිබඳව දැනට සිදුකර ඇති මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සාෆ්ටර් මහතා සතුව බිලියන ගණනක් වටිනා රක්ෂණ ඔප්පු 12කට අදාළ රක්ෂණ ආවරණ තිබී ඇති බවයි.

එමෙන්ම තවත් රුපියල් බිලියන ගණනක දේපළද ඔහු සතුව තිබී ඇති අතර බැංකු ගිණුම් 19ක ද වත්කම් හිමිකමක් ද ඔහුට තිබී ඇත.

එනිසා මෙම ඝාතනය දේපළ හා රක්ෂණ ආවරණ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමීපතමයෙකු සිදු කළේ ද යන්න විමර්ශනය කිරීමට නියමිතය.

අධිකරණය විසින් රහස් පොලිසිය ලබාදුන් නියෝගයක් අනුව මෙම විමර්ශන ක්‍රියාත්මකය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *