Latestදේශීය

ඕනෑම ඡන්දෙකට ගන්න බිලියන 10ක් වෙන් කළා -‌ රංජිත් සියඹලාපිටිය

ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට යොදා ගැනීම සඳහා රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව, ඊයේ (21) ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

එම ප්‍රතිපාදන අයවැය යෝජනා තුළින් ඉදිරිපත් නොකළද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම (21) කැඳවූ අවස්ථාවේ පෙත්සම් පාර්ශව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මුදල් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙවර අයවැය විවාදයේදී ඉදිරිපත් කළ කතාවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *