Latestවිදේශීය

ගාසා – සුබ පනිවුඩය

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව BBC පුවත් සේවය වාර්තා කළේය.

මේ අතර ඊශ්‍රායල විදේශ අමාත්‍ය එලී කොහේන් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් හෙට පළමු ප්‍රාණ ඇපකරුවන් කණ්ඩායම නිදහස් කරතැයි තමන් බලාපොරොත්තු වන බවය.

අද ප්‍රකාශයට පත්කෙරුණු ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර ඇතිවූ එකඟතාවය අනුව හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙක් නිදහස් කිරීමට නියමිත අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ සිර කඳවුරුවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150ක් පමණ ඊශ්‍රායලය විසින් නිදහස් කිරීමට නියමිතය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *