Latestදේශීය

ශ්‍රී ලංකාව, කැනඩාව සහ මැලේසියාව කේන්ද්‍රකරගත් දැවැන්ත ප්‍රසංග මාලාවක්

ශ්‍රී ලංකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවල් තුන කේන්ද්‍රගත කරගනිමින් ඉන්දීය සංගීත ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දැවැන්ත ප්‍රසංග මාලාවක් පිළිබඳව සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අදාළ රටවල් තුන මුල්කරගෙන ප්‍රසංග මාලාව එළිදැක්වීමේ අවස්ථාව හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.

දේවා, හරිහරන්, මුරලි, ක්‍රිෂ්ණරාජ්, ශ්‍රීකාන්ත්, අනුරාධා, අජයක්‍රිෂ්ණා, පූජා, අල්කා, අජිත්, මනෝ, සත්‍යප්‍රකාශ්, දිවාකර් ඇතුළු ජනකාන්ත සහ අති දක්ෂ ශිල්පීන් රැසක් මේ ප්‍රසංග මාලාවට එක්වීමට නියමිතය.

ප්‍රසංගය නැරඹීම සඳහා දෙදහසකට වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂිත අතර මේ ප්‍රසංගය මෙරට සිටින රසිකයින්ට ද ආශ්වාදනීය අත්දැකීමක් වනු ඇති.

@media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *