අත්හිටුවා තිබු රාජකාරි යළිආරම්භ කරනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
පසුගිය කාලය තුළ අත්හිටුවා තිබූ ඩෙංගු මර්දන රාජකාරි යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
ඔවුන් මෙම තීරණය කර ඇත්තේ සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව බව සඳහන් වේ.දීමනා ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තම සාමාජිකයින් මේ වනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

