Latestදේශීය

365%ක පොලී කොල්ලයක්, මහබැංකුව සහ පොලිස්පති නිහඩයි – වසන්ත සමරසිංහ

ඔන්ලයින් ක්‍රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් පිහිටුවමින් ක්‍රියාත්මක කෙරෙන අතර වාර්ශිකව එම ණය පොලී අනුපාතිකය 365%ක් වන කොල්ලකාරී මට්ටමෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිස්පති හෝ ක්‍රියා නොකිරීම සම්බන්ධයේන දූෂණ විරෝධී හඬ සංවිධානය බරපතල චෝදනා එල්ල කරනු ලැබීය.

එම සංවිධානය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව තොරතුරු හෙළි කළේය. එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහ එම සංවිධානයේ නියෝජිතයන් මෙන්ම ඔන්නලයින් කොල්ලයට ගොදුරුවූවන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මෙවැනි නීති විරෝධී ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය ඉඩ දී, නිහඬව සිටිමින් කුමක් කරන්නේදැයි ප්‍රශ්න කළේය. එමෙන්ම මෙම මූල්‍ය ජාවාරම්කාර ආයතනවල මැරයන් තමන්ට එල්ල කර තිබෙන තර්ජන පිළිබඳව මෙම වින්දිතයන් සෘජුවම පොලිස්පතිටත් රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටත් පැමිණිලි කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැති බව හෙළි කළේය. චීන ජාතිකයන් පවා මෙම මූල්‍ය ජාවාරම් ආයතන පිහිටුවාගෙන ඇති බවද හෙළි කළේය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *