Latestදේශීය

බැරි අය ඇමතිකම් දාලා යන්න, ගන්න ඕනතරම් අය පෝලිමේ ඉන්නවා – චාමර සම්පත්

කැබිනට් ඇමතිකම් ගන්න බලාගෙන පෝලිමක් සිටින බවත් ආණ්ඩුවේ ඉන්න ඉන්නට බැරි ඕනෑම කෙනෙක් ඉවත් වන ලෙසත් රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් පසුව ඔහු මෙසේ කියා සිටියේය.

‘මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.

තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.

ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ.එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන’

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *