Latestදේශීය

තමිල්නාඩුව මාව තේරුම් ගත්තේ නැහැ – මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන්

ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව  මුත්තයියා මුරලිදරන් (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාව ඇතිව තිබූ සැබෑ තත්වය තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවත් මුරලිදරන් පැවැසුවේය. එයට හේතුව තමිල්නාඩුවේ මෙන් නොව ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වෙනමම තත්වයක් බවත් ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාව තුළ අනු කණ්ඩායම් කීපයක් තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් මුරලිදරන් ප්‍රකාශ කළේය.

සියලු කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වුවත් දේශපාලනික වශයෙන් බෙදී ඇතැයි මුරලිදරන් පවසා ඇත. එම කණ්ඩායම් වල සිටි ඇතැම් පුද්ගලයන්ට ශ්‍රී ලංකාවෙන් කොටසක් කඩා වෙනම රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුවත් බොහෝ පිරිසකට එලෙස අවශ්‍ය නොවූ බවද  මුරලිදරන් ප්‍රකාශ කොට ඇත.

@Lankadeepa


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *