Latestදේශීය

රොෂාන් සිද්ධිය කියන්නේ ආන්ඩුවේ පිපිරීමේ ආරම්භය – විමල් වීරවංශ

රනිල් වික්‍රමසිංහ මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා  හූණා කිව්වා  සේ පවසන්නේ යැයි  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද (28 ) පවසා ඇත.


“කවුරුහරි එහෙම හිතාගෙන ඉන්නවනම් අනේ පව් කියලා තමයි මට කියන්න වෙන්නේ” යැයි  ඔහු සඳහන් කරයි.

“ඔහු ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට  බලාවි”

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත්  පඳුරකට ගැහුවොත් හැටක් විතර සිටින බවත් වීරවංශ මන්ත්‍රීවරයා කියයි.



“ජනාධිපති පුටුවට ගිය පසු ඔහුගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නැතැ”යැයි ද  “අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන නොහිතන නායකයෙකු  අත” යැයිද  මන්ත්‍රීවරයා පවසයි.

රොෂාන් රණසිංහ  ඇමතිකමින් ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වා ඇති විමල් වීරවංශ මන්ත්‍රීවරයා අනාවැකි පළ කරන්නේ එය ආණ්ඩුවේ පිපිරිමේ ආරම්භය බවටයි.

@slleader.lk

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම..


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *