Latestදේශීය

දේශබන්දු තෙන්නකෝන් වැඩ බාරගනී

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්බන්ධයෙන්   ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ඊයේ (29) පස්වරුවේ වැඩබලන පොලිස්පතිවරයා ගේ නම තමාට ලැබුණු බව අතර කඩිනමින් ව්‍යවස්ථාදායක සභාව රැස් වී වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා සඳහන් කර තිබුණි.

පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් සේවා දිගුව පසුගිය 24 වැනිදා අවසන් වීමත් සමඟ පොලිස්පති ධුරය පුරප්පාඩු වී තිබේ.

දින කිහිපයක් පුරප්පාඩුව පැවති පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ නම් කරනු ලැබිණි.

ඒ අනුව මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර ඇත.
නව වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බරපතළ අර්බුදයකට පත් ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කර ඇත.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (30) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ භාරගත් අතර, එම අවස්ථාවට පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වී තිබුණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *