Latestදේශීය

චන්ද්‍රිකාට ලොකු පුටුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද ලබාදීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටියි.

දැනට පක්ෂයේ සභාපති ධුරය දරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අමතරව මෙසේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඉහළ තනතුරක් ලබා දීමට පියවර ගනිමින් සිටී.

මේ පිළිබඳව දැනටමත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද දැනුම් දී තිබේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂය ශක්තිමත් කිරීමමේ අරමුණින් මෙම කටයුත්ත වෙයි.

කුමාරතුංග මහත්මියට අදාළ තනතුර ලබාදීම සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවද වෙනස් කර කිරීමට නියමිතව ඇති අතර ඒ පිළිබඳව ඉදිරි පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *