චමරි අතපත්තුට ඉන්දීය රුපියල් ලක්ෂ 30ක ලංසුවක්
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) කාන්තා තරගාවලියේ වෙන්දේසියට ඇතුළත්ව ඇති අතර ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික ලංසුවකට ඉදිරිපත් කර තිබීම කැපී පෙනේ.
චමරි මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් කාන්තා තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් මෙම අවස්ථාව උදාවී තිබේ.
මෙවර අයි.පී.එල්. කාන්තා තරගාවලියේ ක්‍රීඩිකාවන්ගේ වෙන්දේසිය මේ මස 9 වැනිදා මුම්බායි නුවරදී පැවැත්වීමට නියමිත අතර එම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩිකාවන් 104 ක් සහ විදේශ ක්‍රීඩිකාවන් 61 ක් ඇතුළත්ව සිටිති.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

