Latestදේශීය

“මීඡවුම්” නිසා අදත් වැස්ස

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශපෙැවැති ‘‘මීඡවුම්‘‘ සුළි කුණාටුව ඊයේ 03 රාත්‍රී 23.30 වන විට උතුරු අක්ෂාංශ 12.8° සහ නැගෙනහිර 81.6° දේශාංශ ආසන්යෙ යාපනයේ සිට කිලෝමීටර් 365ක් පමණ ඊසාන දෙසින් පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට,වයඹ දෙසට ගමන් කරනු ඇත. එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර හෙට (5) වන විට දකුණු අන්ද්‍රා වෙරළ තිරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලා පොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, උතුර,දකුණු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැති ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සෙසු පළාත්වලට පස්වරු 1.00 පසු තරමක තද වැසි ඇති විය හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *