මේ අර්බුදය ඔබට දී වශ්යනම් මට ඇමරිකාවට යා හැකියි – හර්ෂ ද සිල්වා
ශ්‍රී ලංකාව මේ වන විට රටක් ලෙස අතිශය භයංකාර ස්ථානයක පසුවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ඉදිරියේදී මීට වඩා බරපතල තත්ත්වයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
එනිසා මේ මොහොතේ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඉතා අසීරු ගමනක් යාමට සූදානම් විය යුතු බවත් හෙතෙම කියා සිටියි.
එසේ නැතිව පැරණි මාවතේම නැවත ගමන් කිරීමට කටයුතු කළහොත් ඉතාම ඛේදජනක ඉරණමක් රටට අත්වනු ඇති බවද හෙතෙම කියා සිටියේය.
තමන්ට පුද්ගලිකව කිසිදු ගැටළුවක් නැති බවත් ඕනෑම මොහොතක ඕනෑම අවස්ථාවක රට හැරදා ඇමරිකාවට යා හැකි බවද පැවසු ඔහු නමුත් පොදුවේ රටක් ලෙස සියලු දෙනා එක්ව මෙම අභියෝගය ජයගත යුතු බවද කියා සිටියේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

